Loading..

කාන්තාවන්ගෙන් සිදුවන ලිංගික අතවර ගැන දැනුම්දෙන්න පිරිමින්ට පොලිසියෙන් අවස්ථාවක්

කාන්තාවකගෙන් පුරුෂයෙකුට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

එහි මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වන වගන්තියට චෝදනා ගොනු කළ හැකි බවයි.

අදාළ වරද සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ස්ත්‍රී, පුරුෂ ලෙස කිසිදු වෙන් කිරීමක් සිදුකර නොමැති බව ද පොලිසිය පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් එම නිසා පුරුෂයෙකු හෝ පිරිමි දරුවෙකු වන යම් ලිංගික හිරිහැරයකට බලහත්කාරයෙන් ලක්වුව හොත් නොපැකිලිව ළඟම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කළ හැකියි.

සමාජයේ වාර්තා වන සිදුවීම් නිරීක්ෂණය කළ විට බාල වයස්කාර පිරිමි දරුවන් වැඩිහිටි කාන්තාවන් අතින් අතවරයට ලක්වූ අවස්ථා පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබෙනවා.

දරුවන් පමණක් නොව වැඩිහිටි පුරුෂයෙකු වුවද තමන්ගේ අකමැත්තෙන් යම්කිසි කාන්තාවකගෙන් ලිංගික අතවරයට ලක් වූයේ නම් එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය එම තැනැත්තා සතුව පවතින බවයි, පොලිසිය සඳහන් කළේ.

The post කාන්තාවන්ගෙන් සිදුවන ලිංගික අතවර ගැන දැනුම්දෙන්න පිරිමින්ට පොලිසියෙන් අවස්ථාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/D03uYQB
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.