Loading..

හර්ෂිතාගේ වාර්තාගත ශතකය අපතේ යයි! ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!

හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (18) සිදුවිය.

ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය.

මෙය අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ පළමු එක්දින තරගාවලි පරාජය ලෙසින් වාර්තා අතරට එක්විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240ක් පමණී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 124කදී ලකුණු 105ක් ලබා ගනිමින් සිය මංගල ශතකය වාර්තා කළා.

ඇය වාර්තා පොත් අතරට එක්වූයේ එක්දින තරගයක දී ශතකයක් රැස් කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි.

හර්ෂිතාගේ දැවීයාමෙන් අනතුරුව ලකුණු හතරක් තුළ කඩුලු හතරක් බිඳ වැටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට මූලිකවම බලපෑ සාධකයක් බවට පත්විය.

එමෙන්ම කවීෂා දිල්හාරී ලකුණු 53ක් ද, නිලක්ෂි සිල්වා නොදැවී ලකුණු 24ක්ද ලබා ගැනීමට සමත් වූ අතර චමරි අතපත්තු ලකුණු 22ක් රැස් කළා.

The post හර්ෂිතාගේ වාර්තාගත ශතකය අපතේ යයි! ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zMw7DH3
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.