හිරු රූපවාහිනි සේවය වීසින් විකාශණය කරනා ”පත්තරේ විස්තරේ” වැඩසහහනේ ඉකුත් 10 වන සෙනසුරදා විකාශණය මගින් තමා සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට චේතනාන්විතව බරපතල ලෙස අපහාසයක් සිදුකර ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම වැඩසටහන ඉදිරිපත් කිරීමේදී එහි පූරක ලෙස කටයුතු කළ මධුෂාන් ද සිල්වා යන අය ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන ව්‍යවස්ථාවට අනුව 2024/07/10 දිනැති සහ අංක 2392/27 දරණ ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කරනා ලද උපලේඛණ අංක 2 යටතේ වන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ්අඩවි පරිශීලකයන් සඳහා වන උපමාණ ලේඛණයේ අංක 2.1, 2.2, සහ 2.3 යන වගන්ති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බව හිටපු අමාත්‍යවරයා පෙන්වදී තිබේ .
ඒ අනුව හිරු රුපවහිනි සේවාව සහ පත්තරේ විස්තරේ වැඩසටහනේ පූරක මධුෂාන් ද සිල්වා මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානයන් උල්ලංඝණය කරමින් තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට බරපතල අපහාසයක් සිදුකර ඇති බවත් ඔහු පවසයි . එබැවින් මැතිවරණ නීතී වලට අනුව මේ පිළිබඳව කඩිනම් පියවර ගන්න ලෙස ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී
එමෙන්ම එම වැඩසටහන මගින් හිරු නළිකාව සහ එහි පූරක මධුෂාන් ද සිල්වා යන අය මුලික මාධ්‍ය ආචාර්යධර්ම පවා බරපතල ලෙස උල්ලංගණය කර අති බව ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

The post හිරු tv ආයතනයට වැඩ වරදින ලකුණු! මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/E1pwZIS
via IFTTT


