Loading..

සජිත් නිසා දෙමළ ජාතික සන්ධානය දෙකට කැඩෙන ලකුණු

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තම පක්ෂය ගත් තීන්දුව ගැන තමා දැනුවත් නොමැති බව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඊයේ(01) පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තමාට සහභාගීවීමට නොහැකි වූ බවයි.

එම රැස්වීමේදී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුවත් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේ තිබියදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බවට වූ ඒකපාර්ශවීය යෝජනාව මාධ්‍ය වෙත දැනුම්දීම සුදුසු නොවන ඔහු පැවසීය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමේ දී මෙම තීරණය ගත් බව සුමන්තිරන් මහතා සඳහන් කළා.

The post සජිත් නිසා දෙමළ ජාතික සන්ධානය දෙකට කැඩෙන ලකුණු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/aYC5jML
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.