Loading..

ඡන්දය දා කලබල කරන්නන්ට වෙඩි තැබීමට අවසර

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහසක් පමණ සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂම පවසනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද දායකයන් ලක්ෂ දහයක පමණ පිරිසක්  අලුතින් එකතු වී සිටින බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

The post ඡන්දය දා කලබල කරන්නන්ට වෙඩි තැබීමට අවසර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ik1uhfc
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.