Loading..

ප්‍රබල දේශපාලන පෙරළියක් සිදුවන ලකුණු! රනිල් හදිසියේම දෙමළ ජාතික සන්ධාන නායකයාගේ නිවසට යයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් ඊයේ (7) පස්වරුවේ සිදුව තිබෙනවා.

ඒ යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.

 තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා මහතා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. 

මාවෙයි සේනාධිරාජා මහතා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි මෙම හමුවීම සිදුව ඇති අතර, ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී දෙදෙනා සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

The post ප්‍රබල දේශපාලන පෙරළියක් සිදුවන ලකුණු! රනිල් හදිසියේම දෙමළ ජාතික සන්ධාන නායකයාගේ නිවසට යයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/F3t5TO4
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.