Loading..

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ගැන තීරණයක් ගනී

පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව යළිත් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රශ්න තුනක් පිටවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පසුගියදා තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන දෙකක් ද ආරම්භ කෙරුණු අතර එහිදී අනාවරණ වූ තොරතුරු පදනම් කර ගනිමින් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයුන්දර මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ගැටලු මතු වූ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදෙන බවයි ඊයේ(14) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ. 

The post ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ගැන තීරණයක් ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/n6KzpFP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.