Loading..

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගෙන් ජනපති අනුරට පෞද්ගලික පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01)  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

එහිදී රුසියා තානාපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පෞද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති පුටින් මහතා සිය පණිවිඩයේ සඳහන් කරනු ලැබ තිබිණි.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි . වෙළඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී  දෙපාර්ශ්වය විසින් අවධාරණය කළ බවද ජනාධිපති කාර්යාලය පවසයි.

The post රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගෙන් ජනපති අනුරට පෞද්ගලික පණිවිඩයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/t9LMHpD
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.