නිමා වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැඳගත් සුවහසක් සහෘද ජනතාව වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂය ස්තූතිය පළකර තිබෙනවා.
ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය මඟින් මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතර බලයක් හිමි කරගනිමින් නව රජයක් පිහිට වූ ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක් කිරීමට ජාතික සංවිධායකවරයා කටයුතු කර තිබෙනවා.
එමෙන්ම උතුරට පමණක් සීමාවීමකින් තොරව දකුණේ දේශපාලන පක්ෂවලටත් උතුරේ ජනතාවගේ ආකර්ෂණය සහ කැමැත්ත ලබාගැනීමට හැකිවන වතාවරණයක් උදාකරදීම වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අරමුණ ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය තුළින් ඉටු වී තිබීම පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එම නිවේදනය පහතින්.

The post මහින්ද රාජපක්ෂගේ සිහිනය ඉටු කළ මාලිමාවට නාමල්ගෙන් ප්‍රශංසා appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qp5WVrM
via IFTTT

