හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.
ඒ අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඔහු ඊයේ උදෑසන 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඉන් පිටව ගියේ පස්වරු 1.30 ට පමණයි.
මීට පෙර අවස්ථා දෙකකදීද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
නමුත් අවස්ථා දෙකෙහිදීම ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂටද ලබන වසරේ ජනවාරි මස 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ, අයතා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහායි
The post යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් කැඳවීමක්! මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයාගෙන් පැය 4ක් ප්‍රශ්න කරලා! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/X3948oy
via IFTTT

