සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
ටෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
පොලීසිය පැවසුවේ එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවය.
වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 53 හැවිරිදි පවුලේ වැඩිමහල් පුත්‍රයා බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්වයවය බරපතල බව සඳහන්.
වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර තිබෙන අතර මියගොස් ඇත්තේ, එම පවුලේ වැඩිමහල් පුත්‍රයායි.
බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.
The post සීදූවේ එකම පවුලේ තුනකට වෙඩි! අයෙක් මරුට! දෙදෙනෙකුට තුවාල! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/8NwyWIf
via IFTTT

