Loading..

ජනපති ලේකම් කාර්යාලයේ පිරිසකට ස්ථාන මාරු

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එලෙස මාරු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස අතර ව්‍යපෘති කාර්යාල 38 අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ද සිටින බවයි පැවසෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කල ව්‍යපෘති කාර්යාල 38 ඒ ඒ අමාත්‍යාංශවල පිහිටවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙනු තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටිනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක අතිරික්තයක් තිබෙන බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවත්, ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබී ඇති බවත් පැවසේ.

මෙහි අරමුණ රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම බවද එම ආරංචි මාර්ග පවසයි.

ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබී ඇති එම නිලධාරී පිරිස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කිරීම එම නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

The post ජනපති ලේකම් කාර්යාලයේ පිරිසකට ස්ථාන මාරු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/R1nziV3
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.