Loading..

වාහන ආනයනය ගැන රජය දැන් කියන කතාව – “අනවශ්‍ය ප්‍රචාරණයන් එපා”

වාහන ආනයනය ගැන ව්‍යාජ ප්‍රචාර කරමින් මහජනයා නොමග නොයවන්නැයි සමාගම්වලින් ඉල්ලා සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

රජය නැවත වාහන ආනයනයට ඉඩදීමේ සූදානම සමග විවිධ සමාගම් දැන් සිට ම වාහන ගෙන්වීම සඳහා තැන්පතු මුදල් එකතු කිරීම ආරම්භ කර ඇති බවට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

එහිදී ඇති වූ සංවාදය මෙසේය.

මාධ්‍යවේදියා : විවිධ පාර්ශ්ව රජය ගෙන්වන වාහන සඳහා ඩිපොසිට් කරන්න කියලා දැන්වීම් පවා දානවා. මොන ජාතියේ වාහනද ගෙන්වන්නේ?

ඇමැතිවරයා : මීට සති දෙකකට කලින් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළා. වාහන ආනයනය ගැන තීන්දුව ගත්තේ රටේ ආර්ථික තත්ත්වය, ආර්ථික ඉලක්ක හා සංචිත ගැන හොඳ අවබෝධයකින් හා මුදල් අමාත්‍යාංශයේ ඉතාම සුපරීක්ෂාව යටතේ. ඒ නිසා වාහන ආනයනය සඳහා සීමා ලිහිල් කිරීම ඒ සීමාවට යටත්ව තේරුම් ගත්තොත් හොඳයි. මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රචාරණයෙන් සිදුකරලා ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා. ඔබ දන්නවා මේ රටේ තිබෙන තත්ත්වය.. ඔබ දන්නවා සංචිතවල ස්වභාවය.. මේ රට ගමන් කරමින් ඉන්න තැන අපි දන්නවා. ඒ නිසා සීමාවන්ට යටත්ව තමයි වාහන ආනයනයට අවසර ලබා දෙන්නේ. කවර වර්ගයේ වාහනද ගෙන්වන්නේ කියන එක නොබෝ දිනකින් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරයි. ඒක දැනගෙන කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රචාරණයන් ලබා දෙන්න එපා.”

The post වාහන ආනයනය ගැන රජය දැන් කියන කතාව – “අනවශ්‍ය ප්‍රචාරණයන් එපා” appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iOLcSfp
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.