Loading..

අඩු පීඩන කලාපයේ නවතම තත්වය හා අද කාලගුණය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයට අද (18) වනවිට දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

මේ අතර ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද අපේක්ෂා කෙරෙනවා.

වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

The post අඩු පීඩන කලාපයේ නවතම තත්වය හා අද කාලගුණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Wy6gAxO
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.