Loading..

‍රජයේ තීරණයට විරෝධය පා රට පුරා හෙද හෙදියන් අද විරෝධතාවයක

අය වැය මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා හෙට (27) දහවල් 12 ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද එම සංගමය පවසයි.

උද්ඝෝෂණ මාලාවට සමගාමීව කළු පටි බැඳ සේවය කිරීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරන බවද එම සංගමය කියයි.

The post ‍රජයේ තීරණයට විරෝධය පා රට පුරා හෙද හෙදියන් අද විරෝධතාවයක appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TwUOz7D
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.