Loading..

හෙට්ටිපොලදී වෙඩි පත්තු වෙයි! පුංචි මල් කැකුළක් ජීවිතක්ෂයට පත් වෙයි!

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ දැරියක් තුවාල ලබා ඇති බවයි.

ඔවුන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post හෙට්ටිපොලදී වෙඩි පත්තු වෙයි! පුංචි මල් කැකුළක් ජීවිතක්ෂයට පත් වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FU6CvDd
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.