Loading..

මෙම දුරකථන අංකවලින් කප්පම් ඉල්ලා ඇමතුම් ලැබුණහොත් වහාම දැනුම්දෙන්න! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි!

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණ කරගෙන ඇත්තේ, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර හතරකට පමණ පෙර විදෙස්ගත වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඩුබායි හි රැඳී සිටින මෙම ජාවාරම්කරුවන්, කප්පම් ලබාගැනීම් සිදුකිරීම සඳහා මෙරට වෙනත් පුද්ගලයන් භාවිත කරමින් දුරකථන අංක කූට ක්‍රමවේදයක් ඔස්සේ යොදාගන්නා බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එහිදී ඔවුන් තාක්ෂණික ක්‍රමවේදයක් මගින් විවිධ පුද්ගලයන්ට ඒ ඒ පුද්ගලයන් භාවිත කරන දුරකථන අංකයෙන්ම ඇමතුම් ලබාදී ඇතැයි අනාවරණ වී ඇත.

ඒ අදාළ දුරකථන සමාගම මගින් ලැබෙන ඇමතුමක් බවට ඒත්තු ගැන්වීම සඳහා.

එලෙස ඇමතුම ලබාදී, දිනුම් ඇදීමකින් ත්‍යාගයක් දිනා ඇති බවත් එය පිරිනැමීම සඳහා දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් ලැබෙන OTP අංකය ලබාදෙන ලෙසත් පවසන බව අනාවරණ වී ඇත.

අනතුරුව OTP අංකය මගින් දුරකථනයේ සියලුම විස්තර ලබාගෙන එම දුරකථන අංකයට අදාළව ඊ- සිම්පතක් ලබාගන්නා ජාවාරම්කරුවන් එය භාවිත කරමින් කප්පම් ලබාගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.

එලෙස ජාවාරම සඳහා බහුලව යොදාගෙන ඇති දුරකථන අංක 4ක් පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන ඇත.

ඒ අනුව,

076 944 91 26 / 071 564 97 53 / 076 413 26 85 / 074 149 75 54

යන දුරකථන අංකවලින් දුරකථන ඇමතුමක් ලැබුණහොත් වහාම ඒ සම්බන්ධයෙන් ආසන්න පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙස විමර්ශන නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post මෙම දුරකථන අංකවලින් කප්පම් ඉල්ලා ඇමතුම් ලැබුණහොත් වහාම දැනුම්දෙන්න! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8WwjVuO
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.