Loading..

විදුහල්පතිවරයෙක්ට වසර 3ක සිරදඬුවමක් නියම වෙයි

2015 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා දරුවෙකු ගම්පහ ප්‍රධාන විද්‍යාලයකට ඇතුළත් කිරීමේ චේතනාව ඇතිව තම විද්‍යාලයට ඇතුළත් කරගත් විදුහල්පතිවරයෙක්ට අධිකරණය විසින් වසර 3ක සිරදඬුවමක් නියමකර ඇත.

දූෂණය යන චෝදනාව යටතේ මෙම විදුහල්පතිවරයාට විරුද්ධව අධිචෝදනා ගොණු කර තිබුණි. 

මෙම විදුහල්පතිවරයා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නිසි අනුමැතියකින් තොරව දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කරවීමේ චේතනාවෙන් තම විද්‍යාලයට ඇතුළත් කරගැනීම සිදුකර ඇති බව විමර්ශනයේ දී තහවුරු වී ඇත.

අදාළ විදුහල්පතිවරයා අධිකරණය ඉදිරියේදී සිය වරද පිළිගෙන තිබේ.

එම කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ විදුහල්පතිවරයා වසර 03ක ලිහිල් සිර දඬුවමක් නියම කරන ලදී.

එමෙන්ම ඒ සඳහා  අත්හිටුවීමේ නියෝගයක් නිකුත් නොකිරීම විශේෂත්වයක්.

එමෙන්ම වැඩිදුරටත් දඬුවම් වශයෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර, එය නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් සිර දඬුවම් නියම කළේය.

The post විදුහල්පතිවරයෙක්ට වසර 3ක සිරදඬුවමක් නියම වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cPjxig3
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.