Loading..

ඥානසාර හිමිගෙන් බරපතල ප්‍රකාශයක්! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළි කිරීමට සැරසෙයි!

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් සිටින බවත් ඒ පිළිබඳව තමා දන්නා බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (6) පෙරවරුවේ මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,

“මේකේ මහ මොළකාරයෙක් ඉන්නවා කිව්වා. දැන් හොයනවද මහ මොළකාරයා. මම වගකීමෙන් කියනවා මම දන්නවා මහ මොළකාරයා. හැබැයි ඒක මාධ්‍යයට කියන්නේ නෑ.

ඒක මාධ්‍යයට කියනවා… රටේ ජනාධිපතිටයි ආරක්ෂාව භාරව ඉන්න අයටයි කියලා. මහ මොළකාරයෙක් ඉන්නවා ඒ ගැන මම දන්නවා. මහ මොළකාරයාගේ පැටිකිරිය දන්නවා.

මහ මොළකාරයා හිටපු තැන දන්නවා. මහ මොළකාරයා ඇසුරු කරපු අය දන්නවා. මහ මොළකාරයා සහරාන්ව පුරුදු කරපු හැටි දන්නවා. ඔහුව මරාගෙන මැරෙන්න ගයිඩ් කරපු හැටි දන්නවා.

නම් ගම් ඔක්කොමත් එක්ක අදාළ බලධාරීන්ට කියනවා හැරෙන්න අප්පුහාමිටයි කරුණාවතීටයි කියලා වැඩක් නෑ.”

The post ඥානසාර හිමිගෙන් බරපතල ප්‍රකාශයක්! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළි කිරීමට සැරසෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Odt7HZY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.