Loading..

CIDය නිවස වටලයි! හිටපු ඇමති ප්‍රසන්න රණවීර සැඟවෙයි!

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කොට වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බව වාර්තා වේ.

හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු නිවසින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බවයි වාර්තා වන්නේ.

මෙම ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තුන් දෙනෙක-ු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

The post CIDය නිවස වටලයි! හිටපු ඇමති ප්‍රසන්න රණවීර සැඟවෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bpZOS9R
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.