Loading..

අහුංගල්ලේ වෙඩි තැබීමක්! තරුණයෙක් තුවාල ලබයි!

අහුන්ගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයා බලපිටිය රෝහල සඳහා ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, වැලිකන්ද අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් තුවාල ලැබූ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී නිවසින් පිටතට කැඳවා පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

The post අහුංගල්ලේ වෙඩි තැබීමක්! තරුණයෙක් තුවාල ලබයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4kwbFeh
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.