Loading..

කොළඹ ස්වාධීන මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200ක ලංසුවක්!

ආණ්ඩුවට බහුතරයක් නොමැති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 25 බැගින් ලංසු නියම වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම මන්ත්‍රීවරුන් තමන් මුදලට විකිණෙන්නට සූදානම් නොමැති බව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එසේම කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි දෙකක් දක්වා ලංසු තබා ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

මෙතෙක් හොරු යැයි කී පිරිස් සුද්ද කරමින් හෝදමින් තමන්ගේ පාර්ශ්වය වෙත ලබා ගැනීමට සැරසෙන බව ද පසුගිය ආණ්ඩු ද සිය බලය අහිමි වන විට කෙසේ හෝ බලය රැකගැනීම උදෙසා මෙලෙස හැසිරුණු බවත් දයාසිරි ජයසේකර සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීයා සිටියේය.

The post කොළඹ ස්වාධීන මන්ත්‍රීවරුන්ට ලක්ෂ 200ක ලංසුවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Lh74SKR
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.