Loading..

සබරගමු නවකවද සිදුවීමට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබු සිසුවෙකුගේ මරණයට අදාලව එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුන් සිව්දෙනෙකු සමනලවැව පොලිසිය වෙත ඊයේ (05) බාර වී තිබෙනවා.

ඒ අනුව, පොලිසිය වෙත බාර වූ මෙම සැකකාර සිසුන් සිව් දෙනාද ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතබාර දීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර නවකවද සිදුවීමට සම්බන්ධ සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

The post සබරගමු නවකවද සිදුවීමට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0AdcWym
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.