ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
ෆෝර්ඩෝ සහ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ එස්ෆහාන් න්‍යෂ්ටික කලාපය, ඊට ඇතුළත්.
අමෙරිකානු දූපතක් වන ගුවාම් දූපත වෙත යවන ලද B-2 නම් රහසිගත බෝම්බ හෙලන යානා මගින් එම ප්‍රහාර එල්ල කර තිබේ.
ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එම සියලු ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් සාර්ථකව පිටත් වූ බව, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබේ.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා ඒ පිළිබඳ පැහැදිලි කළේ ය.
ඔහු පැවසුවේ, අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය, ඊශ්‍රායලයට සහ ලෝකයේ සෙසු රටවලට ඓතිහාසික මොහොතක් බවයි.
ප්‍රහාරයෙන් අනතුරුව හෝ ඉරානය යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බව, ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව ඉරානය ප්‍රකාශ කළේ, අමෙරිකානු ප්‍රහාර එල්ල වී ඇත්තේ මීට පෙර එම භූමියෙන් ඉවත් කළ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට බවයි.
එමෙන්ම මින් පෙර ඉරානය අනතුරු අඟවා තිබුණේ ඉරානයට පහර දීමට අමෙරිකාව සූදානම් වුවහොත් මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානය විසින් පහර දෙන බවය.
The post ඉරාන – ඊශ්‍රායල යුද්ධයට ඇමෙරිකාව අවතීර්ණ වෙයි! ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/1xq5j4G
via IFTTT

