Loading..

සීදූවේ වෙඩිතැබීමක්! මාලිමා නාගරික මන්ත්‍රීගේ පියා තුවාල ලබයි!

සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 55 හැවිදිදි පුද්ගලයෙකු රාගමන ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව පොලිසිය පවසනවා.

ඔහු යුද හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

The post සීදූවේ වෙඩිතැබීමක්! මාලිමා නාගරික මන්ත්‍රීගේ පියා තුවාල ලබයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MmYnlTA
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.