ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තිය සමිති පවසනවා.
කොළඹ දී ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28 ක නියෝජිතයින් අද විරෝධතාවක් සිදු කරන බවයි.
ඒ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්ය.
මේ අතර අද වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කර තිබේ.
The post ලංවිම වෘත්තිය සමිති රැසක් අද ලෙඩ වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HVh8giL
via IFTTT

