වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක් තුළදී පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර ඊයේ (24) රාත්‍රී වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් පවසනවා.
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බවයි සඳහන් වෙන්නේ.
පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
ඔවුන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.
The post වැල්ලම්පිටියේ හෝටලයක වෙඩි තැබීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/yYmIMaE
via IFTTT

