Loading..

ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය ඇරඹෙයි

කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් ස්ථාන දෙකකදී ආරම්භ වූ ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවනය ලබන සතියේ සිට බැස්ටියන් මාවතෙන් ආරම්භ වනවා.

මේ හරහා බස් රථ ධාවනයේදී පවතින තරගය අහෝසි වී යනු ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙලෙස කොළඹ සිට ඒකාබද්ධ කාලසටහනකට අනුව බස්රථ ධාවනය වන්නේ පළමු වතාවටයි.

The post ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය ඇරඹෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VFM2yow
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.