Loading..

සමාජ මාධ්‍යකරුවන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇමති වසන්ත CIDයට

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ සහ විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

මෙම පැමිණිල්ල (පැමිණිලි අංක 20039516 යටතේ) 2025/10/09 දින යොමු කර ඇති අතර , අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහ යන අය මෙම අසත්‍ය ප්‍රවෘත්ති මගින් ඉලක්ක කර ඇත.

මෙම ප්‍රවෘත්ති හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිත වලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන් වේ.

ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදු කරන බැවින්, අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ මහතා විසින් ඉල්ලා සිටී.

එම ලිපිය පහතින්,

The post සමාජ මාධ්‍යකරුවන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇමති වසන්ත CIDයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AXD9N0g
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.