වසර 13ක අභිමානනීය ඉතිහාසයක් පවතින, දකුණු ආසියාවේ විශ්වාසනීයම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ලෙස සැලකෙන iDealz Lanka සමාගම, නවතම iPhone 17 මාලාව පසුගිය ඔක්තෝබර් 24 දින iDealz Prime හිදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වාදීම සිදු කළා.
මෙම නව මාලාව iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro සහ iPhone 17 Pro Max යන ආකෘති 4කින් සමන්විත වේ.
මෙහි මූලික iPhone 17 ආකෘති ප්‍රබල A19 චිපයකින් බලගැන්වෙන අතර, Pro ආකෘති A19 Pro චිපයකින් බලගැන්වෙයි. විප්ලවීය කැමරා පද්ධතියක් සහ iPhone ඉතිහාසයේ හොඳම බැටරි ආයු කාලය සමඟින්, මෙම නවතම iPhone මාදිලි ස්මාට්ෆෝන් කර්මාන්තයේ නව ප්‍රමිතියක් සනිටුහන් කරනු නොඅනුමානය.
Apple සමාගමේ නිල විකුණුම්කරු ලෙස, iDealz Lanka ශ්‍රී ලංකාව සහ ආසියා පුරා Apple නිෂ්පාදන විශ්වාසනීය සේවාවකින් සැපයීම අඛණ්ඩව සිදුකරනු ලබයි.
මෙම හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ iDealz Lanka සභාපති මොහොමඩ් රිෆ්ඛාන් මහතා සඳහන් කළේ, iPhone 17 මාලාව ශ්‍රී ලංකාවට ගෙන්වීමට ලැබීම ඔවුන් ලද ගෞරවයක් බවයි.
මෙම නව සන්ධිස්ථානයත් සමඟ iDealz Lanka, දකුණු ආසියාවේ විශ්වාසනීයම ස්මාර්ට්ෆෝන් වෙළඳසැලක් ලෙස තවත් පියවරක් ශක්තිමත්ව ඉදිරියට තබයි.




The post iDealz Lanka විසින් iPhone 17 මාලාව ශ්‍රී ලංකාවට නිලවශයෙන් හඳුන්වා දෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Z1lXove
via IFTTT

