ඩීසල් මිල ඉහළ යාම නිසා බස් ගාස්තු 10%කින් පමණ ඉහළ නැංවීමේ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
ඒ අනුව අද දිනයේදි මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටද නියමිතව තිබේ.
කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය ඊයේ (22) දිනයේම සිදුවිය යුතු බව බස් සංගම් රැසක් සඳහන් කළ අතර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා බස් සංගම් නියෝජිතයින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුන් සඳහන් කළේය.
ඒ අනුව ඊයේ දිනයේදී අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණු බැවින් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවද බස් සංගම් පැවසීය.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද පැවසුවේ බස් ගාස්තු ඉහළ දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදු කිරීමටද හැකියාවක් නොමැති බවය.
The post බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද කැබිනට්ටුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ux20SVf
via IFTTT

