Loading..

බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව මිද්දෙණිය, උලහිටියාව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයට පළිගැනීමක් ලෙස විදෙස්ගතව සිටින ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වයෙන් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඊයේ (12) පස්වරුවේ මිද්දෙණිය, උලහිටියාව, පදලන්ගල ගෙදර ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 7ක් පමණ එල්ල කර ඇත. බරපතළ තුවාල ලැබූ ඇය මිද්දෙණිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පලාගොස් තිබූ අතර, ඔවුන් පැමිණි යතුරුපැදිය අද (13) උදෑසන මාතර, දම්පහළ, පොල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඌරුබොක්ක පොලීසිය විසින් සොයාගෙන ඇත. මුළු සිදුවීමම අසල තිබූ සීසීටීවී (CCTV) කැමරාවක ද සටහන් වී තිබේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ බැකෝ සමන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු, ගණේමුල්ලේ සංජීව ඝාතනයට බැකෝ සමන්ගේ සහාය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. මීට අමතරව ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට ද බැකෝ සමන්ට චෝදනා එල්ල වී ඇත.

The post බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rwuBx4R
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.