දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ළමයින් කරන ප්‍රකාශ පටිගත කිරීම හෝ ප්‍රකාශයට පත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතන වෙත අනතුරු අඟවා ඇත.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමයින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත දැක්වූ අදහස් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ ඔවුන් හාස්‍යයට ලක්වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
විභාගයෙන් අනතුරුව ළමයින් කළ ප්‍රකාශ, ඔවුන්ව උපහාසයට ලක්වන අයුරින් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමේ සිද්ධීන් නිරීක්ෂණය වූ බව අමාත්‍යාංශය පවසයි.
දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව ළමයින්ගේ අදහස් ලබාගැනීම, පටිගත කිරීම හෝ විකාශනය කිරීමට මාධ්‍ය ආයතනවලට අවසර නොමැති බව එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ළමයින් සම්බන්ධයෙන් සිදුවන මෙවැනි නීති උල්ලංඝනය කිරීම් සහ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහැරීම් වෙනුවෙන් වගකිවයුතු මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
The post අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/o5Lz4Pf
via IFTTT

