Loading..

සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර

තමන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත්, පොලිස් සේවයට එක්වන විටම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම්ව පැමිණි බැවින් තමන් කිසිදු දේකට බිය නොවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

කිසිදු ආරක්ෂාවක් නොමැතිව වුවද රටේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ගමන් කිරීමට තමන්ට පූර්ණ විශ්වාසයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අදාළ ප්‍රකාශය සිදුකළ දේශපාලනඥයාට එලෙස ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළ පොලිස්පතිවරයා, ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ ඔවුන් සමාජයට විශාල විනාශයක් සිදුකරමින්, අසත්‍ය පවසමින් සහ අසාධාරණකම් සිදුකර තිබීමයි.

එසේ වුවද තමන් කිසිවිටෙකත් එවැනි ක්‍රියාවන් සිදුකර නොමැති බව පොලිස්පතිවරයා අවධාරණය කළා.

The post සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SvIKnTY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.