Loading..

වසර 33කට පසු යළි ඇරඹුණු සිංහල පාසල

වසර 33කට පසු මඩකලපු දිස්ත්‍රීක්කයේ එකම සිංහල පාසල ඊයේ(27) දිනයේ දී ආරම්භ කරනු ලැබුවා.

තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගැනීමට මඩකලපුවේ වෙසෙන සිංහල ජනතාවට ඇති අයිතිය දිස්ත්‍රික්කයේ එකම සිංහල විද්‍යාලය අරභමින් තවහුරු කල බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවා.

මෙරටේ සංහිදියාව තිබේදැයි විමසන ලෝකයේ ඇතැම් රට වලට ද ආදර්ශයක් ලබා දුන් බව   ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කර සිටියා.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වමින් පවසා සිටියේ

“මේ ඉස්කෝලේ 1990 වසරේ ඉදලා පැවැති යුධමය වාතාවරණය නිසා වහලා දැම්මා. ඒ භුමියේ තිබුනේ අද වෙනකල් හමුදා අනුකණ්ඩයක්. ආරක්ෂක ලේකම්තුමාගේ මාර්ගයෙන් අපි මේ භූමියෙන් ගොඩනැගිලි 02 ක් වෙන් කරවා ගෙන සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කළා. එය අප ලද විශාල ජයග්‍රහණයක්. රටේ අනෙක් දස්ත්‍රික්ක හැම එකකම වගේ හැම භාෂාවකින්ම ක්‍රියාක්මක වන පාසල් තිබෙනවා.

හැබැයි මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් අවුරුදු 33 ක් තිස්සේ එකම සිංහල පාසලක් වත් තිබුනෙ නෑ. මේ විද්‍යාලය හදන්න හුගක් මහන්සි වුනේ දමිළ නිළධාරීන්. ඒ අය මේ පාසල නැවත ගොඩ නගන්න විශාල මහන්සියක් ගත්තා. සංහිදියාවට හොදම නිදසුන තමයි මේක. කෝ උඹලගෙ සංහිදියාව කියලා අහන රටවල් වලට මේක හොද ආදර්ශයක්.

යුද්ධය නිසා බලපෑම් ඇති වුනේ සිංහල ජනතාවට පමණක් නෙවෙයි. අනෙක් ජනතාවටත් බලපෑම් ඇති වුණා. මේ භූමි දාලා ගිය සිංහල ජනතාවට යළි ආවත් ඒ ගොල්ලන්ගෙ දරුවන්ට යන්න පාසලක් තිබුනෙ නෑ. අද අපි ඒ සියළු දෙනාට අවස්ථාවක් හදලා දුන්නා” යැයි ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් කියා සිටියාය.

The post වසර 33කට පසු යළි ඇරඹුණු සිංහල පාසල first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YnN0vEt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.