ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එම යාත්‍රාවේ සිටි 6දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ එක්ව එම වැටලීම සිදුකර ඇත.


