සෙවනගල නිවසක මිදුලෙහි වළදමා තිබියදී ඊයේ (31) සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 54හි වටිනාකම රුපියල් කෝටි 200කට අධික බව පොලීසිය පවසයි.
එම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටින ආමි චූටි නැමැත්තාට අයත් බවට විමර්ශන නිලධාරීන් සැක කරයි.
පසුගිය 30වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී ධම්මික සමන් කුමාර නමැත්තෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගෙන් සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව සෙවනගල ප්‍රදේශයේ වළදමා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබේ.
හෙරොයින් කිලෝග්‍රෑම් 53යි ග්‍රෑම් 600 ක් ප්ලාස්ටික් බහාලුම් 3ක අසුරා තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.
ධම්මික සමන් කුමාර නමැත්තා අත්අඩංගුවට ගන්නාවිටත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 7ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සොයාගැනීමට පොලීසියට හැකිවිය.
එම මත්ද්‍රව්‍ය තොගයේද වටිනාකම ද රුපියල් කෝටි 20කට අධික බව පොලීසිය පවසයි.
සෙවනගල, කිරිවැව ප්‍රදේශයේ නිවසක මිදුලේ ඇති කුකුළු කොටුවක් අසල ප්ලාස්ටික් බහාලුම් තුනක එම රුපියල් කෝටි 200ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 54ක් වළදමා තිබී ඇත.
ඒ අනුව එම නිවසේ පදිංචි අඹුසැමි යුවළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් හෙළිකර ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් වළදැමූ බවයි.
මෙම නිවසේ කාන්තාව එම පුද්ගලයාගේ සහෝදරිය බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගැනුණු අඹු සැමි යුවළ වැඩිදුර පරික්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.
The post කුකුළු කොටුවක් අසලින් මතු වූ රුපියල් කෝටි 200ක් වටිනා මත්ද්‍රවය තොගය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/S4bMRpc
via IFTTT

