ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගී වීමත් සමග බස් රථය ආරක්ෂිතව නවතා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ 13 හැවිරිදි එම දරුවා රියදුරු රෝගී වී සිටින බව දැක එලෙස බස් රථය ධාවනය වීම නවතා ගෙන ඇති බවයි.
ඒ සමගම ඔහු සිය මිතුරන්ට පවසා ඇත්තේ හදිසි සේවා අංශ අමතන ලෙසයි.
එම අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම ක්‍රියාව සම්බන්ධයෙන් අගය කරමින් දරුවා බොහෝ දෙනාගෙන් ප්‍රශංසා ද හිමි වුණා.
The post සිසුන් 66ක් රැගත් බස් රථ රියදුරුගේ හදිසි අසනීපය හමුවේ මාරක අනතුරින් සිසුන්ගේ ජීවිත බේරාගත් 13 හැවිරිදි සිසුවා first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/kz6Q0Fa
via IFTTT


