හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජිව විද්‍යා අංශයෙන් අධයාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනිම වලක්වා ගැනිම සදහා හෘද්‍යා බාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් වි නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කැමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටියි.
පාසලේ අධ්‍යාපනය කටයුතු වලට අමතරව පහර දුන්නේ යැයි කියන ගුරුවරයා හැටන් ප්‍රදේශයේ ජිව විද්‍යා බාහිර පන්තියක් පවත්වන බවත්, එම බාහිර පන්තියට එම සිසුවිය නොපැමිණිම සම්බන්ධයෙන් උරණ වු ගුරුවරයා ඉකුත් (21) දින තම දියණියට වේවැල් පහක් එකට එක් කර අමානුෂික ලෙස පහර දිම නිසා තුවාල ලැබු දියණිය දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද එම සිසුවියගේ දෙමව්පියන් කියා සිටියි.
සමාන්‍ය පෙල විභාගයේදි පහර කැමට ලක් වුවේ යැයි කියන සිසුවිය ඒ සමාර්ථ 9 ක් ලබාගෙන එම පාසලේ ජිව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරන අතර, එම සිසුවිය අධ්‍යාපනය දක්ෂ සිසුවියක් බවයි එම පාසලේ ගුරුවරුන් කියා සිටින්නේ.
එම සිසුවියගේ දෙමව්පියන්ද ගුරුවරුන් වශයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වල සේවය කරන අතර , තම දියණියට එම ගුරුවරයා අමානුෂික ලෙස පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කල බවත්, පහර දුන් ගුරුවරයා මිට ප්‍රථම අවස්තා කිහිපයකදිම සිසු සිසුවියන්ට පහර දිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුරුවරයෙකු බවයි දෙමව්පියන් කියා සිටින්නේ.
එම ගුරුවරයා අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සැකකාර ගුරුවරයාද තමන්ට හෘද්‍යා බාධයක් ඇති බව පවසමින් දික්ඔය මුලික රෝහල ඇතුලත් වි නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව එම ගුරුවරයාට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවද වැඩිදුරටත් පැවසිය.
-රංජිත් රාජපක්ෂ-
The post තම බාහිර පංතියට නොපැමිණීමේ කෝපයට වේවැල් 5 ක් එක්කර සිසුවියකට පහර දුන් ගුරා රෝහල් ගත වෙයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/3JSAkB7
via IFTTT


