තම විවාහ උත්සවයේදී මනාලියක් විසින් ගිනි අවියකින් අහසට වෙඩි තබා ඇති අතර එම කාන්තාව සොයා ඉන්දීය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යයකදී මෙම සිදුවීම සිදුව තිබෙනවා
එරට ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර තිබෙන්නේ සිද්ධියෙන් පසු අතුරුදන් වූ කාන්තාවට එරෙහිව නඩු පවරා ඇති බවයි.
ඇතැම් උතුරු ඉන්දියානු ප්‍රාන්තවල මංගල උත්සව අතරතුර වෙඩි තැබීම් බහුලව සිදුවන දෙයක් වන අතර බොහෝ විට තුවාල හා මරණ පවා ඇති වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියානු නීතියට අනුව, ගිනි අවියක් භාවිතා කරන ඕනෑම අයෙකු නොසැලකිලිමත් ලෙස හෝ සැමරුම් සඳහා වෙඩි තැබීමකින් හෝ අන් අය අනතුරට පත් කරයි නම්,සිර දඬුවමක් හෝ දඩයකට හෝ ඒ දෙකටම මුහුණ දිය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
The post විවාහ උත්සවයේදී තුවක්කුවෙන් වෙඩි තබා පලා ගිය ඉන්දීය මනාලිය first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/zxMHoYb
via IFTTT


