ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.
ඒ අනුව වැඩි ඡන්ද 95කින් යෝජනාව සම්මත විය.
සමගි ජන බලවේගය මෙම ගිවිසුම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සභා ගර්භයෙන් ඉවත්ව ගියා.
ගිවිසුමට විපක්ෂව ඡන්දය ප්‍රකාශකළ අය අතර ජාතික ජනබලවේගය සහ නිදහස ජනතා සභාව සමඟ එක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අයත්.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්. ෆවුසි ගිවිසුමට පක්ෂව සිය ඡන්දය භාවිතා කිරීම මෙහිදී විශේෂ සිදුවීමක් වුනා.
The post IMF යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි! විපක්ෂයේ ප්‍රබලයෙකුත් යෝජනාවට පක්ෂ වෙයි! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/aomrf1z
via IFTTT


