ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දනුම් දීමේ මාධ්‍ය හමුවේ දීයි.
තවද ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිත බවත් එය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කර තිබෙන බවත් සඳහන්.
රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගෙන තිබෙන බව එම නිවේදනයේ සඳහන් වන අතර ඒ අනුව අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙන බවත් එහි සඳහන්.
The post ඉදිරි විසි පස් වසර සඳහා නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/uQrc8El
via IFTTT


