නුවරඑළිය ආගරපතන ප්‍රදේශයට ඊයේ (23) පස්වරුවේ ඇදහැලුනු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහා විද්‍යලයට දැඩි හානි සිදුව තිබේ.
වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය සමග විද්‍යාල භූමියේ තිබූ සයිප්‍රස් ගසක් කඩා වැටීමෙන් එම හානි සිදුව ඇති බවය.
ගස කඩා වැටීමෙන් පාසල් පුස්තකාලයට හා 1 හා 2 ශ්‍රේණිවල පන්ති කාමරවලට දැඩි අලාභ සිදුව තිබේ.
එම තත්ත්වය හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියට යටත්ව අද දින නිවාඩු ලබාදී ඇත.
හානියට පත්වූ ගොඩනැගිලි යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව යළි ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව විදුහල්පතිවරයා පැවසීය.
The post පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටෙයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/apxrDQ3
via IFTTT


