පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බවයි.
අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ලබන බවයි වාර්තා වන්නේ.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මින් ඉදිරියට ලිපි නිකුත් නොකරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
The post පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/lV4hdqS
via IFTTT


