Loading..

මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ කඩා දමමින් රජයේ ආයතනයකට නව බඳවා ගැනීම්! රැකියා අයදුම්පත් බෙදා දීම අරඹයි!

රජයේ ආයතන සඳහා නව සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබියදී ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

එසේ බඳවාගන්නා සේවකයන් අතරට නම් දෙක බැගින් එවන ලෙස එම අධිකාරිය අයත් අමාත්‍යංශය ආණ්ඩුවේ මැති ඇමතිවරුනට දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග වලින් වාර්තා කරයි.


එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්ත ව සිටින බවයි දැනගන්න ලැබෙන්නේ.

එසේ තිබියදී මේ ආකාරයට අලුතින් සේවකයන් බදවා ගැනීම බරපතල ගැටලුවක් බව එම ආයතනයේ සේවකයෝද පවසති.

The post මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ කඩා දමමින් රජයේ ආයතනයකට නව බඳවා ගැනීම්! රැකියා අයදුම්පත් බෙදා දීම අරඹයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CEn6k3Y
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.