Loading..

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් කිරීමට කටයුතු කරන බවයි අද (25) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම විශ්විද්‍යාල ආචාර්යවරුන් අද දිනයේ සුභවාදී ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

The post සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8uUamcl
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.