ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) රු.300න් පහළ අගයක් දක්වා අඩු විය.
ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රු.300 සීමාවට වඩා පහළ අගයක් ගනු ලැබුවා.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.59ක් වන අතර විකුණුම් මිල රු. 313.52ක් ලෙස දැක්වුනා.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92ක් වන අතර විකුණුම් මිල රු. 310ක් ලෙසයි දැක්වුනේ.
සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300ක් ලෙසත් විකුණුම් මිල රු. 312ක් ලෙසත් දක්වා තිබුණා.
The post ඇමෙරිකානු ඩොලරය වාර්තාගත ලෙස පහත බසී! මාස 13කට පසු ඩොලරයේ අගය 300 සීමාවෙන් පහතට! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/QfKvMF5
via IFTTT


