Loading..

සිසු සැරිය සේවාවෙහි වියදමින් 30%ක් දෙමාපියන් මත පැනවීමට තීරණයක්

සිසු සැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බවය.

ඔහු පවස්නනේ රට තුළ පවතින මුල්‍යම අපහසුතා හේතුවෙන් එම තීරණයට එළැඹි බවය.

ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70%ක් රජයෙන් ලබා දීමටත් ඉතිරි 30%ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම් එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එලෙස 30% ක හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

The post සිසු සැරිය සේවාවෙහි වියදමින් 30%ක් දෙමාපියන් මත පැනවීමට තීරණයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2oUmTpl
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.