පිරමීඩාකාර වංචා සඳහා පාසල් සිසුන් යොදා ගන්නා ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති වැඩමුළුවකදී එම දෙපාර්තමේන්තු නිලධාරීහු එලෙස ප්‍රකාශ කළහ.
පාසල් සිසුන් පිරමීඩ යෝජනා ක්‍රමවලට සාමාජිකයන් ලෙස බඳවාගෙන ඔවුන් හරහා ඔවුන්ගේ මවුපියන්ගෙන් පිරමීඩ යෝජනා ක්‍රම සඳහා ලියාපදිංචි වීමට මුදල් ලබාගෙන ඇති බව ද එම නිලධාරීහු කීහ.
ඇතැම් අවස්ථාවල මවුපියන් සතු රත්රන් බඩු හොරකම් කරගෙන ඒවා උකස් කර මුදල් ලබා ගන්නා ආකාරය පවා පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන්නන් පාසල් සිසුන්ව පුහුණු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද ඔවුහු සඳහන් කළහ.
පවතින ආර්ථික අර්බුද තත්ත්වය මත ජනතාවට පවතින ආර්ථික ගැටලු හමුවේ පිරමීඩ යෝජනා ක්‍රම මේ වන විට වැඩි වශයෙන් ක්‍රියාත්මක වීමක් දක්නට ලැබෙන බවත් මේ වන විට පිරමීඩ වංචා සඳහා පුද්ගලයන් සූම් ඔස්සේ දේශන පවත්වා බඳවා ගන්නා ක්‍රමවේදයක් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන යන්නන් අතර කෙරෙන බවත් එම නිලධාරීහු ප්‍රකාශ කළහ.
පිරමීඩ යෝජනා ක්‍රම බැංකු පනතේ වගන්තිවලට අනුව නීති විරෝධී සහ අපරාධමය කරුණක් වන බව ද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
The post පාසල් සිසුන්ද යොදාගනිමින් සිදුකරන නීතිවිරෝධී මූල්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/gWjkUsG
via IFTTT


