Loading..

ඇමති ධූර දෙකක වෙනසක්

එළැඹෙන දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ එම අමාත්‍යාංශයන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා එස්.එම්.චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුන්ට හිමිවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වීමට නියමිත මන්ත්‍රීවරු දෙපළකට හිමිවීමට නියමිත බවද ඇතැම් මන්ත්‍රීවරු පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් සඳහා එම අමාත්‍ය ධුර දෙක ලබාදෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය කාලසීමාව තුළ අවස්ථා ගණනාවක දී ජ්‍යෙෂ්ඨයින් සඳහා අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීම් කර තිබුණ ද ඔවුන්ට අමාත්‍ය ධුර හිමිවූයේ නැත.

The post ඇමති ධූර දෙකක වෙනසක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/I9nHOgc
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.